වැල්ලවාය , වීරසේකරගම ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැලලාගෙන මිය ගිය බවට සැක පල කරන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.
මෙලෙස ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටි සිසුවෙකි.
අදාළ සිසුවා වීරසේකරගම ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි සිසුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.
