යාපනය චාවාකච්චේරිය හින්දු විද්‍යාලයේ සිසුවෙකුට ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා පාසල් නිල ඇඳුමෙන්ම චාවාකච්චේරිය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.
කොණ්ඩය කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස පහර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් විසින් චාවාකච්චේරි පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයටත් , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ළමා අංශයටත් පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී සිසුවාට පහර දුන් ගුරුවරයා සාධාරණීකරණය කරමින් සිසුවාට කිසිදු සාධාරණක් ඉටු නොකළ බව සිසුවාගේ දෙමව්පියන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම චාවාකච්චේරිය පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ළමා අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.