පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු අද (08) අළුයම සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේ දී එම උත්සාහය ව්‍යවර්ථ වී තුවා ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
අද අළුයම එකට පමණ සේනක බිබිලේ නේවාසිකාගාරයේ දෙවන මහලේ කාමරයදී සිසුවා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී බිම ඇදවැටී තුවාල ලැබ සිටි ඔහුව සිසුන් විසින් රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචි මෙම 25 හැවිරිදි සිසුවා ඊයේ රාත්‍රියේ සෙසු සිසුන් සමඟ රාත්‍රී ආහාර ගැනීමට පිටතට ගොස් නැත. සෙසු සිසුන් ඔහුට ආහාර රැගෙන පැමිණ කතා කරන අවස්ථාවේ දොර වසා තිබී ඇත.
අනතුරුව සිසුන් අසල ජනේල වලින් කාමරයට ඇතුළු වී සෝදිසි කිරීමේදී මෙම සිසුවා බිම ඇඳ වැටී සිටින අයුරු දැක ඔහුව රෝහල් ගත කර තිබේ.
අභ්‍යන්තර තොරතුරුවලට අනුව මේ සිසුවා ඉකුත් වසරේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන පෙන්වමින් නවක වදය ලබා දීමට කටයුතු කළ සිසුන් කණ්ඩායම පිළිබඳ සිදු කළ විමර්ශනයේ දී හඳුනාගත් සිසුන් සිව් දෙනාගෙන් කෙනෙකි.
එම සිසුන් සිව් දෙනා නවක වද සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර සිසුන් තිදෙනෙක් මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත.
එහෙත් මෙම සිසුවා මේ වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් නැති බව දැන්ගන්නට තිබේ.
මෙම සිද්ධිය සහ සිය දිවි නසාගැනීමේ උත්සාහය අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබඳව විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ.
( ලංකා සර )
