බුලත්සිංහල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි පිරිමි සිසුවෙකු ඔහු පදිංචිව සිටින නිවසේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
සෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම දරුවා තාවකාලිකව බටුවිට ගෝනපල හංදිය ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිට ඇති අතර සිසුවා සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් .
වාර්තා වන ආකාරයට මීට පෙරද මෙම දරුවා සියදිවි හානි කරගැනීමට තැත් කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හොරණ පොලිසිය විසින් සිදු කරනු ලබයි .
