හයිෆොරස්ට් වතුයායේ හදිසි ගින්නක්.

හයිෆොරස්ට් වතු යායේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් හෙක්ටෙයාර දෙකක පමණ ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බව වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ මහකුඩුගල අඩවි වන නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හයිෆොරස්ට් පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version