බස් රථයක හදිසි ගින්නක්.

අද (21) අලුයම 3.40 ට පමණ යාපනය , මානිප්පායි පොලිස් වසමේ ආනයිකෝට්ටේ ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

ආනයිකෝට්ටේ ප්‍රදේශයේ බස්රථ හිමියාගේ නිවස ඉදිරිපිට නතර කර තිබූ බස් රථයේ මෙම ගින්න හටගෙන තිබේ .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.

Exit mobile version