රාත්‍රී සමාජ ශාලාවක හදිසි ගින්නක්.

ස්පාඤ්ඤයේ ගිනිකොණ දිග මූර්සියා නගරයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක එරට වේලාවෙන් උදෑසන 6.00 ට පමණ දරුණු ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වේ .

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි .

එමෙන්ම ගින්න හටගත් අවස්ථාවේ දී එහි විශාල පිරිසක් සිටි බව සඳහන් .

ඒ අනුව, මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි .

ගින්නෙන් පසු දුම ආඝ්‍රාණය වීමෙන් ද සිව්දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් , ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Exit mobile version