ඊයේ (05) පස්වරුවේ අනුරාධපුර , නොච්චියාගම , ඉකිලිවැව ප්‍රදේශයේ වී මෝලක ගින්නක් හට ගෙන ඇති අතර එය මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වේ.
ගින්නෙන් වී මෝලෙහි තිබූ බහාලුම් 3ක් සහ ලොරි රථයක් ගිනිගෙන විනාශ වී ඇති අතර ඉන් සිදු වූ අලාභය කෝටි 2ක් පමණ වන බව සඳහන් වේ.
එමෙන්ම මෙම ගින්න පාලනය කිරීම සඳහා අනුරාධපුර ගිනි නිවීමේ ඒකකය කටයුතු කර තිබූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
