දඹේකන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්.

අබේවෙල ප්‍රදේශයේ තිබෙන වික්ටෝරියා දඹේකන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගින්න හටගෙන ඇති බවට හගුරන්කෙත පොලිසියට ලද තොරතුරක් මත ගින්න පාලනය කිරීමට ක්‍රියා කර ඇති බව සදහන්.

පොලිසිය පැවසුයේ ගින්න පවතින ප්‍රදේශයට ළගා වීමට අපහසු ජන ශුන්‍ය ප්‍රදේශයක් වන අතර ගින්න පාලනයට වනජීවි නිලධාරින් ,යුධ හමුදාව,ගුවන් හමුදාව,ආපදා කලමනාකරණ නිලධාරින් සහ වන සංරක්ෂණ නිලධාරින් දැනුවත් කර තිබෙන බවයි.

මේ පිළිබඳ හගුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version