කැලණිමුල්ල ප්‍රදේශයේ අනවසරෙන් ගොඩකරන ලද ඉඩමකට ගෙනත් දමන ලද අබලි ද්‍රව්‍ය සහ කුණු කසළ ගිනිගැනීමකට ලක් වී තිබෙන බව වාර්තා වේ .
එම ඉඩම කලක් සිට අනවසරයෙන් ගොඩ කරන ලද වගුරු බිමක් බවත් , කිසියම් පිරිසක් විසින් එම ස්ථානයට ගිනි තබා ඇති බවත් සදහන් .
කෝට්ටේ නගර සභාවට අයත් ගිනිනිවන රථ තුනක් සහ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ගින්න යථාතත්ත්වයට පත් කෙරෙමින් සිටින අතර
මුල්ලේරියාව පොලීසිය සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ගින්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
