තංගල්ලේ ධීවර කාර්‍යාලය තුළ හදිසි ගින්නක්.

තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල‍ය තුළ අද (22) අලුයම හටගත් ගින්නකින් කාර්යාල උපකරණ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

එම කාර්යාලයේ දෙවැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න පැතිරෙනවාත් සමඟම ඒ අසල පිහිටි තංගල්ල පොලීසියේ නිළධාරීන් දැක වහා ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කොට තිබේ.  විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි  පොලිසිය සැක පල කරයි.

Exit mobile version