කුරුණෑගල පොලිස් වසමේ හෙරලියාව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
කුරුණෑගල නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් , යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩලීමට කටයුතු කළ බව සඳහන් වේ.
හට ගත් ගින්නෙන් ඇලුමිනියම් සහ වීදුරුවලින් නිෂ්පාදිත උපකරණ ආයතනයක් , කාන්තා නිමි ඇඳුම් නිෂ්පාදන ආයතනයක් සහ සපත්තු නිෂ්පාදන ආයතනයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
