වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ (04) සමත් වුණි.
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.
තරුෂි දැක්වූ එම සුවිශේෂී දක්ෂතාවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇය වෙත මිලියන 10 ක මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ .
.
