පසුගිය 21 වැනිදා රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට වෙළඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
අදාළ ඝාතනය සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව සඳහන්.