ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගිය 21 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (06) දහවල් ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ..
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ඝාතනයට පැමිණි යතුරුපැදියේ දුම් සහතිකය,එන්ජින් අංකය සහ චැසි අංකය වෙනස් කිරීමට යොදා ගත් උපකරණ කිහිපයක් සොයාගෙන ඇති අතර සැකකරු අද (07) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි.
