හෙරෝයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට .

ඊයේ (30) දින සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා රත්ගම කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත කනත්තවත්ත පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර හෙරෝයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු වැඩිදුර විමර්ශණ සදහා හික්කඩුව පොලිස් ස්ථානයට භාර දී ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වූ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ පිළිබඳව හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version