ඊයේ (01) දින සවස් කාලයේදී අගුලාන දුම්රියපොල ආසන්න ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ අගුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (02) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අගුලාන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.