ඊයේ (31) වන දින රාත්‍රී කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කර හෙරෝයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (01) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
