නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට .

අලුත්ගම,දන්වන්තගොඩ ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 17ක්,නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 135ක් සහ ගෑස් සිලින්ඩරයක්,යකඩ දගරයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වූ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ලබන 19 දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා ඇප මත මුදා හැර ඇති බව සදහන්.

අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version