ඊයේ (30) දින උදෑසන කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කතරගම පොලිස් කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ලුණුගම්වෙහෙර පොලිස් වසමේ කුඩා ගම්මානය ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර නීතිවිරෝධී තංගුස් දැල් කිලෝ 92ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු වැඩිදුර විමර්ශණ සදහා කිරින්ද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක් වූ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
