විදෙශ් රටකින් ගෙන්වන ලද කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග මෝස්‌තර නිරූපන ශිල්පියකු දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මොහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇත්තේ විදේශීකයන් ඉලක්කකරගෙන අළෙවි කරමින් බවත්, එම ප්‍රදේශයේ පුද්ගලයන් හට නොමිලේ ලබාදෙමින් බවත් පැවසේ.
ජාවාරම්කරු තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර දික්වැල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන මෙම ජාවාරමේ නිරතව ඇති බව පැවසේ.
