ජල ,විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව වාර්තා වේ.
මෙලෙස වැඩ තහනමකට ලක්කර ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මොහු රාජකාරි විවේකය වාර්තා කර, කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇදුමෙන් සැරසී ඉකුත් (26) දින ගොනාගොල්ල හන්දියේදී රජයට විරුද්ධව පැවති විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (05) සිට ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
