සැකකටයුතු මරණයක්.

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරිය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version