බණ්ඩාරගම සමරනායක පාර ප්‍රදේශයේ නවාතැන් පොළක පැවැත්වූ සාදයකින් අනතුරුව සැකකටයුතු ලෙස තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය සපයන ආයතනයක සේවය කරන අගලවත්ත සඳගිරි කන්ද ඕමත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රවිදු හසිත් ආරියවංශ නම් 24 හැවිරිදි අවිවාහක තරුණයෙකි .
වාර්තා වන ආකාරයට මියගිය තරුණයා සහ එම ආයතනයේ සේවය කරන තවත් පුද්ගලයකු නැවතීම සඳහා ලබා දී තිබූ දෙමහල් නිවසක නවාතැන් පොලේ රැඳී සිට ඇති අතර දෙදෙනා සවස සාදයක් පවත්වා තිබේ . පසුව අලූයම 1.00 ට පමණ අනික් පුද්ගලයා අවදි වී උඩුමහලේ විදුලි බල්බ දල්වා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගිය අවස්ථාවේදී මියගිය පුද්ගලයා උඩුමහලෙහි සාලයේ උඩු බැලි අතට වැටී සිටින අයුරු දැක ඒ පිළිබදව විමසිලිමත් කිරීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරුත් මුත්‍රා පහව ගොස් තිබෙන අයුරුත් දැක දුරකථනයෙන් අසල්වාසී නිවසට ඒ බව දන්වා තිබේ .