සැකකටයුතු මරණයක්.

පොතුහැර ,අමුණුගම හන්දිය දුම්රිය මාර්ගය අසල පුද්ගලයකු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොතුහැර පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව විමර්ශණ ආරම්භ කර ඇති බව සදහන්.

මෙලෙස මියගොස් ඇත්තේ පොතුහැර අමුණුගම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත අතර මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති බව සදහන්.

Exit mobile version