චාවකච්චේරිය ,මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු අන්දමින් මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
82 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුරෙහි කැපුම් තුවාල පවතින බව සදහන්.
එමෙන්ම ,ඇය පදිංචිව සිටි නිවසෙහි බඩු භාණ්ඩ තැනින් තැන විසිරී ගොස් ඇති අතර පොලිසිය සැක පළ කරනු ලබන්නේ කොල්ලකරුවෙකු නිවෙසට පැමිණ ඇයට පහරදී ඝාතනය කරන්නට ඇති බවයි.
