සැක කටයුතු ලෙස මිය ගිය කාන්තා මල සිරුරක්.

රත්නපුර බටුවත්ත ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ  මළ සිරුරක් රත්නපුර පොලිසිය විසින් නිවසක් තුල තිබී  සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මියගිය නිවසතුල කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර ඉන් එක් කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති අතර අනෙක් කාන්තාවද නිවසේ බැද  දමා තිබියදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් වන අතර මළසිරුර රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Exit mobile version