පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කඩුවකින් පහර දී තුවාල සිදු කළ පුද්ගලයෙකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
11 හැවිරිදි දරුවෙකුට පහර දීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට මෙම සැකකරු විසින් කඩුවකින් පහර දී තිබේ. එම පහර දීමෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ ඇඟිල්ලකට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බව සඳහන් වේ.
