ගැටුමක් බේරන්න ගිය අයෙකුට කඩු පහරක්.

බටපොළ , බරදූව නිවාඩු නිකේතනයක් තුළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය අයෙකුට කඩුවකින් පහර දී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

ඊයේ (23) රාත්‍රී 8.30ට පමණ පුද්ගලයින් කිහිප දෙනෙකු බටපොළ බටදූව පිහිටි නිවාඩු නිකේත්නයක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම ස්ථානයේම මත්පැන් පානය කර තවත් පිරිසක් අතර ආරවුලක් ඇති වී අතින් පයින් පහර දීමක් සිදු වී තිබේ. එම අවස්ථාවේදී මරණකරු එම ස්ථානයට පැමිණ ගැටුම සමතයකට පත් කර ඇති අතර ඊට සුළු වේලාවකට පසු පැමිණි දෙදෙනෙකු විසින් මරණකරුට තියුණු ආයුධවලින් පහර දී පළා ගොස් තිබිණි. බරපතළ තත්ත්වයෙන් සිටි ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බටපොළ , කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  පොන්නන්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් නැමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version