කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රථ වාහන පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ,ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.
කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් අහිතකර තත්ත්වයට පත් වී ඇති බවත් එයට ප්‍රධාන ලෙසින් වාහනවලින් පිටවෙන දුම හේතු වී ඇති බවත් එවැනි වාහනයක් දුම සමගින් මාර්ගයේ යනවානම් එහි ඡායාරූපයක් වට්ස්ඇප් කරන ලෙසත් ඔහු සදහන් කර තිබේ.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ලංකාවේ සියලුම පොලීසි එකතු කරගෙන වට්ස්ඇප් ගෲප් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඕනෑම වාහනයක අංකය පමණක් ප්‍රමාණවත් බවද එවිට තහනම් නියෝග නිකුත් කිරීමේ හැකියාවක්ද පවතින බවයි.