ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර අද (25) පැවැත්වෙන තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත් බව වාර්තා වේ .
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
