විදෙස්ගතව සිටින පුද්ගලයන් මෙරට සිය නිවාසවලට භාණ්ඩ එවීමේදී භාවිත කරන “ඩෝ ටු ඩෝ“ (Door to Door) ක්‍රමවේදය විධිමත් කර, එම ක්‍රමය යටතේ එවන තීරු බදු අය විය යුතු භාණ්ඩ හඳුනාගෙන තීරු බදු අය කිරීමට රේගුව කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
“ඩෝ ටු ඩෝ“ ක්‍රමවේදය යටතේ විදෙස් රටක සිට මෙරටට භාණ්ඩ එවීමේදී අදාළ නිවසටම එම භාණ්ඩ හෝ පාර්සලය එවීමේ හැකියාව ඇත.
මෙම ක්‍රමය යටතේ එවන භාණ්ඩ දෙසැම්බර් මස පළමු වැනිදා සිට රේගු නිෂ්කාශන ක්‍රියාවලියකට අනිවාර්යයෙන්ම යොදවන බවත්, ඒ අනුව එම භාණ්ඩ දැඩි පරීක්ෂාවකට ලක්කරන බවත් රේගුව පවසයි.
එම ක්‍රියාවලියෙන් පසුව අදාළ භාණ්ඩ තොගය “ඩෝ ටු ඩෝ“ බෙදාහරින්නන් වෙත ලබාදීමට නියමිත බව සදහන්.
මත්ද්‍රව්‍ය, සීමා කළ හෝ තහනම් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා මෙම සේවාව යොදා ගැනීම වැළැක්වීම සඳහා මෙම ක්‍රමවේදය විධිමත් කෙරෙන බවද රේගුව කියයි.
දැනට නැව්ගත කර තිබෙන භාණ්ඩ මේ මස 30 වැනිදා දක්වා වූ කාලය තුළදී රේගු නිෂ්කාශන ක්‍රියාවලියකින් තොරව බෙදාහැරීමට අවසරය ලැබෙන බවට රේගුව සඳහන් කර තිබේ.
