උඩරට සහ පහතරට තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සදහා දැනට අය කරන බදු වලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරිමට රජය කටයුතු කරමින් සිටින බවට උඩරට සහ පහතරට තේ නිෂ්පාදකයන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
උඩරට සහ පහතරට තේ වතු සමාගම් වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් 30% මුදලක් බවත්, නව බද්ධ දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සදහා අය කිරිමට යොජනා වි ඇති බවට තේ වතු සමාගම් වල උසස් නිලධාරින් ප්‍රකාශ කර තිබේ.
විදුලි බිල ඉහළ යාම , සේවක වැටුප් ඉහළ යාම , තේ නිෂ්පාදනය සදහා දරණ පිරිවැය ඉහළ යාම හමුවේ තේ කර්මාන්තය වර්තාමනයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බවත්, නිමි තේ කොළ කිලෝවක් සදහා නව බද්ධක් අය කිරිමට රජය කටයුතු කළහොත් උඩරට සහ පහතරට තේ වගාකරුවන් , නිෂ්පාදකයන්ට සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් විමට පවා සිදු වන බවත් ඔවූන් පවසයි.
