අද (18) අලුයම 2 ට පමණ නුවර එළිය – කදපොළ – එස් කඩේ තේ වතුයායේ දෙමහල් තේ කර්මාන්තශාලාවක ගින්නක් හට ගත් බව වාර්තා වේ.
එම තේ කර්මාන්තශාලාවේ තේ කිලෝ 30,000 කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර ගින්නෙන් සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න සිදු වන අවස්ථාවේදී කර්මාන්තශාලාව තුළ කිසිවෙකු සිට නොමැති බව සදහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කදපොළ පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා කරයි.
