පදවියේ වෙඩි තැබීමක්.

ඊයේ (16) රාත්‍රියේ පදවිය , මහසෙන්පුර ප්‍රදේශයේ නිවස රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස්  ඇති අතර එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්තෙල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.

Exit mobile version