වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක්.

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මේ වන විට එම රෝහල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ඊයේ (05) දිනයේ තොරතුරු අනාවරණය වී තිබේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජි. විජේසුරිය මහතා මෙම අදහස් පළ කර තිබේ.

Exit mobile version