දුම්රිය වැඩවර්ජනයට ඇමති බන්දුලගෙන් දැඩි තීන්දුවක්.

ජනතාවට පීඩාවන් ඇති කරමින් දුම්රිය වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට එරෙහිව කැබිනට් මණ්ඩලයේදී දැඩි තීන්දුවකට එළඹෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
මේ වනවිට ක්‍රියාත්මක වන දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
ප්‍රකාශ කළ බව වාර්තා වේ .

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“දුම්රිය දෙපාර්තමේන්තුවට සුද්ද සිංහලෙන් කියලා තියෙනවා මගී ජනතාව අපහසුතාවයට පත්කරන්නේ නැතුව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ප්‍රශ්නය පළමුවෙන් සාමාන්‍යාධිකාරිවරයාට කියලා සාකච්ඡා කරලා විසඳන්න. එහෙම විසඳන්නේ නැත්නම් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරලා ප්‍රශ්නය විසඳෙනවා ද බලන්න. එහෙම නැත්නම් මට කියන්න. මම විෂයභාර ඇමති විදියට හැමදාම මැදිහත්වෙලා කැබිනට් පේපර් දමමින් මේ ප්‍රශ්නය විසඳනවා. දැන් එහෙම නැතුව මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්. මම අද කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. මගී ජනතාවගේ ඉල්ලීම තිබුණේ දුම්රිය පුද්ගලීකරණය කරන්න. ඒක කවදාවත් කරන්න බෑ. මම කිව්වා පුද්ගලීකරණය කරන්නේ නැතුව මේක අධිකාරියක් කරලා හදන්න පුළුවන් අපිට කාලයක් දෙන්න කියලා. එහෙම දීලා තියෙද්දිත් මේ විදියට මිනිස්සුන්ව පෙළනවා නම් මේ විදියට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය. ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා.”

Exit mobile version