ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 207 දෙනෙකු මියගොස් ,1000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
ඔඩ්ෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වූ ‘කොරමෙන්ඩල් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමි මගී දුම්රිය සහ ‘යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමි මගී දුම්රිය සහ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මෙහි ගැටී විශාල අනතුරක් සිදු වූ බව සදහන්.
දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැලී ගොස් ඇති අතර,තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව බරපතළ බැවින් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
