දුම්රියක් පිලී පැනලා.

අද (23) උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක් වී ඇති බව වාර්තා වේ.

 මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එමෙන්ම බදුල්ල සිට කොළඹ බලා ධාවන වූ උඩරට දුම්රියේ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ මගීන් , මෙම දුම්රිය පීලි පැන අනතුර සිදු වූ ස්ථානයේ දී දුම්රිය දෙකට මාරු කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version