වටගොඩ සහ තලවකැලේ අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන් .
එමෙන්ම මගීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඉදිපොලගේ මහතා ප්‍රකාශ කර තිබේ.
