දුම්රිය පිලීපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වී ඇති බවයි.
අද (27) උදෑසන 8ට පමණ සිදුවූ මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන සිදුවන්නේ එක් මාර්ගයක පමණක් බවට වාර්තා වෙයි.
පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති අතර දුම්රිය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
