උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී.

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (22) සවස දුම්රියක් පීළි පැනීමට ලක්ව ඇති බවට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වු මිශ්‍ර දුම්රියක භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් මෙසේ පීළි පැනීමකට ලක් වී ඇති බවට දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී පැවැති අතර, දුම්රියෙන් ගමන් ගත් මගීහුද දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටි බව වාර්තා වේ.

Exit mobile version