චීනයෙන් ඉන්දුනීසියාවට ප්‍රවාහන ව්‍යාපෘතියක්.

චීනයේ මූල්‍ය ආධාර යටතේ සංවර්ධනය කළ ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය විවෘත කර තිබෙන බව වාර්තා වේ .

ඒ සඳහා වැයකර ඇති මුදල ඩොලර් බිලියන 7.3 ක් බව සඳහන් .

එරට ජනාධිපති ජොකො විඩෝඩෝ විසින් එම ව්‍යාපෘතිය විවෘත කර ඇති අතර එම මාර්ගය ජකර්තා අගනුවර සහ එරට ප්‍රධානතම මූල්‍ය නගරය වන බැන්ඩුන් එක් කරනු ලබයි.

එම දුම්රිය සේවය නම්කර ඇත්තේ වූෂ් නමින් වන අතර එහි තේරුම වන්නේ “කාලය ඉතිරිකරන සහ විශ්වාසදායක” බවයි.

එමගින් මාර්ග තදබදයට සාර්ථක විසඳුමක් ලැබෙතැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Exit mobile version