නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේ ඇති වූ අධික වැසි සහිත තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී පාසල් පුස්තකාලයට සහ 1 , 2 ශ්‍රේණිවල පන්ති කාමරවලට දැඩි අලාභ හානි සිඳුව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා නුවරඑළිය කලාප අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය යටතේ නිවාඩු දීමට කටයුතු කර ඇති අතර හානියට පත් ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ප්‍රාථමික අංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව විදුහල්පතිවරයා ප්‍රකාශ කල බව වාර්තා වේ.
