ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටිලා .

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් හෙද නිලධාරින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

නුවරඑළිය බෞද්ධ මන්දිරය අසලදී යතුරුපැදිය මතට ගස කඩා වැටී ඇති බව සදහන්.

මෙලෙස තුවාල ලබා ඇත්තේ නුවරඑළිය මහ රෝහලේ සේවය කරන ලබන තිස් පස් හැවිරිදි හා විසිපස් හැවිරිදි හෙද නිලධාරින් දෙදෙනෙකි.

Exit mobile version