අසහනකාර තරුණයෙකු අත්අඩංගුවට .

තරුණියන්ගේ ඡායාරූප වලට නිරුවත් කාන්තා ඡායාරූප කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී තරුණියන් පස් දෙනෙකුගේ ඡායාරූප වලට නිරුවත් කාන්තා ඡායාරූප කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් පරීක්ෂණ පවත්වා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත් අදාළ සැකකරු රාගම රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරික්ෂණයකට භාජනය කර ඊලග දිනයේ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබේ.

Exit mobile version