ලොරියක් අඩි සියයක් පමණ පහළට වැටිලා.

බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඩි 100ක පමණ ප්‍රපාතයකින් පහළ තේ වත්තකට පෙරළීයාමෙන් එහි රියදුරු රිය සහයක කිසිදු තුවාලයක් නොලබා ලොරියෙන් ඉවතට පැන බේරි ඇති බව වාර්තා වේ.

බණ්ඩාරවෙල අලවත්ත ගෝනමොටාව මාර්ගයේ කාපට් ඇතිරීම සදහා මහනුවර ප්‍රදේශයේ සිට කාපට් තොගයක් පටවා ගෙන විත් එය බා නැවත ලොරිය මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට පොලීසිය සඳහන් කර තිබේ.

අනතුරින් ලොරියට අලාභහානි සිදු වී තිබූ බව සඳහන්.

Exit mobile version