බලපත්‍ර නොමැතිව ලීටර් 1300 කට අධික ප්‍රමාණයක් බැරල් හතක අසුරා ලොරි රථයකින් එතනෝල් ප්‍රවාහනය කරමින් සිටිය දී ලොරි රථය සහ එහි රියදුරු එගොඩ උයන ප්‍රදේශයේ දී එගොඩ උයන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සුවඳ විලවුන් නිෂ්පාදනයට යැයි හඟවමින් මත්පන් සකස් කිරීම සඳහා මෙම එතනෝල් තොගය රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු සහ එතනෝල් තොගය අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
