පසුගිය ජුනි 23 වනදා පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක දරුවෙකු පේරාදෙණිය ළමා රෝහල වෙත ඇතුළත් කරන ලදී.එහිදී මෙම දරුවා ශල්‍යකර්මයකට භාජනය කරන ලෙසට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි.
ඒ අනුව අදාළ ශල්‍යකර්මය සිදු කිරීම සඳහා දරුවාට නිර්වින්දන ඖෂධයක් ලබා දී ඇති අතර ඉන් අනතුරුව දරුවා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මේ හේතුවෙන් රෝහල්වලට නිකුත් කරනු ලබන ඖෂධ නිසි පරිදි නියාමනය කළ යුතු බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව සඳහන් වේ.
