වෘත්තීය සමිති ඒකාබද්ධ විරෝධතාවයක්.

සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (04) දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතාවය හේතුවෙන් ජල සම්පාදන සේවකයින් අද (04)දින කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

වෛද්‍ය නිවාඩු දිනවල සේවා ඉටු කිරීම වෙනුවෙන් ලබා දිය යුතු දීමනා ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනය දියත් කරන බවට ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැදවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version